චෙස් පුහුණුවීම් සිදු කළයුතු ආකාරය පළමුවන කොටස

පළමුව ඔබගේ සියලුම තරග ක්‍රීඩා record කර ළඟ තබා ගැනීමට පුරුදු වන්න.
මෙය වර්තමානයේ පරිගණක සමඟ වඩාත් පහසු කටයුත්තකි .තවද මෙලෙස තරග ක්‍රීඩා record කර තබා ගැනීමෙන් යම් කාලයක තමා ක්‍රීඩකයෙකු ලෙස අත් කරගත් ප්‍රගතිය මැන බැලීමට ද අවස්ථාව ලබා ගත හැක.

ඔබ record කළ තරග ක්‍රීඩා ඔබගේ ජයග්‍රහණ පරාජයන් සහ ජය පරාජයෙන් තොරව අවසන් වීම් ලෙසට වර්ග කරන්න. ඉන්පසු ඔබට කාලය තිබේ නම් පළමුව පරාජයන් දෙස බලන්න මෙය සිදු කිරීමේ දී පළමු පියවර ලෙස චෙස් පුවරුවක සම්පූර්ණ තරගය ඇඳ බලන්න .ඉන්පසු ඔබට යම් යම් අවස්ථාවන්හිදී තරගයේ සිදුකළ වැරදි යැයි හැඟෙන ඇදීම් කිහිපයක් අනිවාර්යෙන්ම හමුවනු ඇත. එම ඇදීම් යම් සළකුණක් මගින් ලකුණු කර තබා ගන්න.

චෙස් ක්‍රීඩාවේදී තරඟයක් අදියර තුනකින් යුක්ත වේ.
ඒවා නම් ආරම්භක ක්‍රීඩාව ,මැද ක්‍රීඩාව සහ අග ක්‍රීඩාවයි .අන්තර්ජාලය භාවිතාකර ආරම්භක ක්‍රීඩාවේ සිදුකල යම් යම් වැරදි පහසුවෙන් සොයාගත හැක. මෙය සිදු කිරීමට බොහෝ දෙනා නොදනී .ඊට හේතුව බොහෝ දෙනා අන්තර්ජාලය භාවිතා කරන්නේ ක්‍රීඩා කිරීමට පමණක් වීම නිසයි .මෙය සිදු කරන්නේ පහත ආකාරයටයි.

පළමුව chessbase.com, chess.com සහ lichess.org වැනි වෙබ් අඩවියකට ගොස් එහි තිබෙන opening explorer, live book වැනි පහසුකමක් භාවිතා කර ඔබ සිදුකල යම් යම් වැරදි හඳුනාගන්න. lichess.org වෙබ් අඩවියේ මෙම පහසුකම නොමිලේ ලබාදෙන අතර වඩාත් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට නම් chessbase ආයතනයේ live book පහසුකම භාවිත කළ යුතුය. මෙම පහසුකම භාවිතා කිරීමේ ලාභදායීම ක්‍රමය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ලබාදෙන chessbase ඔන්ලයින් වැඩසටහන මිලදී ගැනීමයි. මෙය රුපියල් 2000 ක හෝ ඊට අඩු මුදලකට පහසුවෙන් මිලදී ගත හැක .එය සිදු කළ යුත්තේ ඔබගේ google play store app එකට සම්බන්ධ කර ඇති gmail account එකේ ඔබගේ බැංකු ගිණුම සම්බන්ධ කිරීමෙනි. ඉන්පසු මෙම වැඩසටහන ඔබගේ දුරකථනයට පහසුවෙන් ලබාගත හැක .මෙහි තිබෙන search opening පහසුකම භාවිතා කර live book වැඩසටහන විවෘත කරගත හැක. එමගින් වඩාත් නිවැරදි තොරතුරක් ලබාගත හැක .මෙය වඩාත් නිවැරදි වීමට හේතුව එය යාවත්කාලීන වීමයි .මෙම වැඩසටහන පිළිබදව SL CHESS ACADEMY YOUTUBE CHANNEL එකේ Video එකක් ලබා දී ඇත.
එම වීඩියෝව පහත ලිපිනයෙන් නරඹන්න.
https://youtu.be/ZG73cvI_jWM

මෙලෙස ඔබගේ ආරම්භක ඇදීම් වල වැරදි අඩුපාඩු සටහන් කරගත් පසු ඒවා ඔබගේ විශ්ලේෂණය කරන සටහනේ සටහන් කරගන්න .ඉන්පසු ඔබට ඔබ ක්‍රීඩා කරන ආරම්භක ඇදීම් වල වැරදි අඩුපාඩු පහසුවෙන් සකසාගත හැක .මෙය චෙස් පුවරුවක කිහිප වතාවක් ක්‍රීඩා කර බැලීමෙන් පහසුවෙන් මතක තබා ගත හැක .තවද ඔබට මෙම ආකාරයට chessbase online වැඩසටහන මිලදී ගැනීමට හැකියාවක් නොමැති නම් lichess.org වෙබ් අඩවියට ගොස් එහි මෙම පහසුකම භාවිත කළ හැක .එය සිදු කළ නොහැකි නම් The Week In Chess(TWIC) වෙබ් අඩවියට ගොස් එහි වර්තමානයේ සහ මීට මාස කිහිපයකට පෙර ක්‍රීඩා කළ තරඟ ක්‍රීඩා(PGN ලෙස) සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු නොමිලේ ලබාදෙන chessbase reader 2017 වැඩසටහන chessbase.com වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු මෙම වැඩසටහනට Chess Engine එකක් ලබාගත යුතුය. මෙය ද නොමිලේ සිදුකර හැකි වීම විශේෂත්වයකි. ඔබ මෙය නොදන්නවා විය හැක .

මෙය සිදු කිරීමට stockfish 10 යනුවෙන් google search කර ලැබෙන web ලිපිනයකට ගොස් stockfish 10 එන්ජින් එක අඩංගු zip file එක ඩවුන්ලෝඩ් කරගන්න .මෙය winrar වැනි වැඩසටහනක් මගින් විවෘත කර වෙනම folder එකකට copy කරගන්න. ඉන්පසු chessbase reader වැඩසටහන open කර add kibitzer පහසුකම විවෘත කර එමගින් විවෘත වෙන කවුළුවෙහි තිබෙන dot තුන ක්ලික් කර ඔබ winrar වැඩසටහන භාවිතයෙන් විවෘත කරගත් ෆයිල්ස් වලින් stockfish 10 x 32 හෝ 10 x 64 . exe ෆයිල් එක තෝරා දී එන්ජින් එක chessbase reader වැඩසටහනට එක් කරන්න. දැන් මෙම වැඩසටහනේ open නම් පහසුකම ක්ලික් කර ඔබ download කරගත් Chessgames අඩංගු database එක open කරගන්න .
මේ අතරම ඔබගේ තරඟ ක්‍රීඩාව පරිගණකයේ අලුත් ඩේටා බේස් එකක් විවෘත කර එහි එම තරගය ඇතුළත් කර ඔබ ඩවුන්ලෝඩ් කරගත් chess games වලින් ඔබගේ තරග ක්‍රීඩාවේ ක්‍රීඩා කළ ආරම්භක ආරම්භක ඇදීම අඩංගු තරග ක්‍රීඩා සොයා එම තරග ක්‍රීඩා වලින් දෙකක් හෝ තුනක් ඔබගේ සටහනට ඇතුලත් කරගන්න .එසේම එම තරඟ ක්‍රීඩා චෙස් පුවරුවේ කිහිප වතාවක් ක්‍රීඩා කර ඔබගේ ආරම්භක ක්‍රමය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න .මෙම ආකාරයට ආරම්භක ක්‍රීඩාව අවසන් කළ පසු ඔබට මැද ක්‍රීඩාවට යොමු විය හැක .
එසේම ඔබ කිසිම විටෙක පරිගණක වැඩසටහන් භාවිතා කර ආරම්භක ක්‍රීඩාවේ වැරදි අඩුපාඩු සෙවීමට නොයන්න. ඔබගේ පරිගණකය 64 cores වලින් යුක්ත නොවේ නම් ඔබට යම් ආරම්භක ක්‍රමයක වැරදි අඩුපාඩුවක් වටහා ගැනීමට බොහෝ කාලයක් ගත වන අතර පරිගණක වැඩසටහනෙන් වැඩසටහනට Engine එකෙන් Engine එකට වෙනස් තොරතුරු ද ලැබේ. මෙම වැරැද්ද මග හරවා ගැනීමට ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ඇදීම් අපගේ repertoire එකට එක්කර ගැනීම සිදු කළ යුතුය. මෙහිදී සෑම ඇදීමක් ම අන්තර්ගත නොකළ යුතු අතර අන්තර්ජාලය හරහා search කර වඩා නිවැරදි ඇඳීම තෝරාගත හැක .දැන් ඔබ පිවිසෙන්නේ ක්‍රීඩා කළ තරගයේ මැද ක්‍රීඩාවටයි.
මෙහිදී ඔබ ඔබ සිදුකල වැරදි අඩුපාඩු පිළිබඳව තබාගත් සටහන ප්‍රයෝජනයට ගන්න. දැන් chessbase reader වැඩසටහන විවෘත කර ඔබගේ තරග ක්‍රීඩාවේ ආරම්භක ක්‍රීඩාව මගහැර ඉන්පසු ඔබ සිදු කළා යැයි සිතන වැරදි ඇදීම් එන්ජින් එක භාවිතා කර සැබවින්ම වැරදි දැයි පරික්ෂා කරන්න. ඉන්පසු ඔබ යම් වැරැද්දක් සිදු කර තිබේ නම් වඩා නිවැරදි ඇදීම සොයා සටහන් කරගන්න. මෙයා නිවැරදි දැයි බැලිය හැක්කේ පහත ආකාරයටයි .
ඔබගේ engine එකේ යම් පිහිටීමකට ලබා දෙන්නේ 0.0 අගය නම් එහි අදහස පිහිටීම සමාන බවයි .එය 0 ට වඩා වැඩි අගයක් නම් එහි අදහස සුදු පිලට වාසිදායක බවත් එය + එක ලෙස සටහන් වන්නේ නම් එහි තේරුම සුදු පිලට පෝන් වරයෙකුගේ වාසියක් තිබෙනා බවයි .ඔබගේ පිහිටීමට ලබා දෙන්නේ ඍණ අගයක් නම් එහි අදහස කළු පිලට වාසියක් තිබෙන බවයි.
ඔබ යම්කිසි තරගාවලියකට ක්‍රීඩා කළ තරගයක් මෙලෙස විශ්ලේෂණය කරන්නේ නම් ඔබ තරගය අවසන් කළ පසු ප්‍රතිවාදියා යම් යම් පිහිටීම්වල දී සිතූ දේ විමසා දැන ගැනීම වඩාත් ප්‍රයෝජනවත් ඉතාමත් හොඳ චෙස් ලෝක ශූරයා පවා අනුගමනය කරන පුරුද්දකි .එවිට මැද ක්‍රීඩාවේදී ඔබ අතින් ගිලිහී ගිය අවස්ථා යම් යම් tactics ,strategical mistakes පහසුවෙන් සටහන් කරගත හැක. මෙලෙස පරිගණක වැඩසටහනක් භාවිතා කර ඔබගේ අවබෝධයට අනුව යම් යම් පිහිටීම්වල තරඟයේ දී ඔබ සිතූ ඇදීම් සමඟ පරිගණකය නිර්දේශ කරන ඇදීම් සසදා ඔබ පිළිබඳව, ඔබගේ තීරණ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ලබාගත හැක .යම් යම් පිහිටීම්වල දී ඔබ ලබා ගත් තීරණ අනුව ඔබගේ ක්‍රීඩා විලාශය තෝරාගෙන එයට ගැළපෙන ආරම්භක ක්‍රම තෝරා ගැනීමට හැකි වීමද මෙහි විශේෂ වාසියකි. අග ක්‍රීඩාවේ දී ද මෙවැනිම ආකාරයට ඔබගේ වැරදි අඩුපාඩු සොයා ඉන්පසු සම්පූර්ණ තරගය ම වැරැදි අඩුපාඩු නිවැරදි කර ගත් සටහන භාවිතා කර නැවතත් එම නිවැරදි ඇදීම් සමග චෙස් පුවරුවක ක්‍රීඩා කරන්න. ඔබගේ පුහුණුවීමේ පළමු අදියර මෙයයි. මෙලෙස තරඟ ක්‍රීඩා 50 කට ආසන්න ප්‍රමාණයක් විශ්ලේෂණය කර සටහනක් තබාගන්න .එය පරිගණක Database එකක් විය හැක .දැන් ඔබ ඔබගේ පුහුණු වීමේ පළමු පියවර සාර්ථකව අවසන් කර ඇත. ඔබ ක්‍රීඩා කල සියලුම තරඟ ක්‍රීඩා මෙලෙස විශ්ලේෂණය කළ හැකි නම් වඩාත් වාසිදායක ය .මෙහි දෙවන පියවර ඊළඟ article එකෙන් බලාපොරොත්තු වන්න .ඔබ තවමත් අපගේ SL Chess Academy YouTube channel එක Subscribe කර නොමැතිනම් subscribe කර මෙය තවදුරටත් පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන්න .
මෙම article එකෙන් ඔබ යම් දැනුමක් ලබා ගත්තේ නම් ඒ පිළිබඳව පහත කමෙන්ට් කරන්න.

Leave a comment